hit counter

2025 ඔක්‍තෝබර් මස 27 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 31, පෙ.ව. 10:19



අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ‍පවතින ගැටලු විසඳීම සඳහා ‘අස්වැසුම සතියක්’ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඒ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ අනුව නොවැම්බර් මස 06 වනදා සිට 11 වැනිදා දක්වා අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස සුදුසුකම් ලබා ඇති නමුත් මෙතෙක් ප්‍රතිලාභ ලැබී නොමැති පවුල් මෙන්ම තාක්ෂණික ගැටලු හේතුවෙන් ප්‍රතිලාභ ප්‍රමාද වීම ඇතුළු ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

එමෙන්ම හෙට (01) සිට අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අගෝස්තු මාසයට අදාළ ගෙවීම් ආරම්භ කරනු ලබයි.

ඒ බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ දැනට ජුලි මාසයට අදාළව ගෙවීම් සිදු කර ඇති බවයි.

එමෙන්ම මුදල් අමාත්‍යාංශය මහ භාණ්ඩාගාරය විසින් ප්‍රතිලාභීන් වෙත 1,365,000ක් සඳහා රුපියල් බිලියන 8.5ක මුදලක් ලබා දීමට කටයුතු කළ බවත් ඒ අනුව ප්‍රතිලාභීන් සඳහා බදාදා දිනයේ සිට ඔවුන්ගේ ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාවක් ඇති බවත් ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: