hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 31, ප.ව. 6:12



ගාසා ප්‍රදේශයෙහි දරුණු සටන් පවතින බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා වාර්තා කරනවා.

යුධ සහ ගුවන් හමුදා විසින් හමාස් ඉලක්ක කිහිපයකට මෙන්ම හමාස් යුධ ටැංකි නාශක කණ්ඩායම් කිහිපයකට පහර දුන් බවයි ඊශ්‍රායල හමුදා වාර්තා කරන්නේ.

මේ අතර හමාස් සංවිධානයේ උමං ආශ්‍රිතව ද සටන් ඇති වූ බව ඔවුන් කියා සිටිනවා. ත්‍රස්තවාදීන් ගණනාවක් මියගිය අතර ආයුධ රැසක් ද අල්ලාගත් බව ඊශ්‍රායලය පවසා සිටියා. තම පාර්ශවයට සිදුවූ හානි පිළිබඳව ඔවුන් කිසිවක් සඳහන් කළේ නැහැ.

මේ අතර හමාස් සංවිධානය ද උමගක් තුලින් මතුව එන තම පිරිසක් ඊශ්‍රායල හමුදා කණ්ඩායමක් වෙත ප්‍රහාරයක් එල්ල කරන දර්ශන අඩංගු වීඩියෝපටයක් මුදාහැර තිබෙනවා. එහි එක් යුධ ටැංකියක් ගිනිගන්නා බවක් ද පෙන්නුම් කෙරෙනවා.