hit counter

2025 ජනවාරි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 03, ප.ව. 11:52



ඊශ්‍රායලයේ සහයට මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයට පැමිණ සිටින ඇමරිකානු නාවික හමුදා සේනාංකයන්ට තමන් බියවැද්දිය නොහැකි බව හිස්බුල්ලා මහ ලේකම් හසන් නස්රල්ලා පවසනවා.

සිකුරාදා සවස කළ කතාවකදී ඔහු සඳහන් කළේ එම සේනාංක දැනට පවතින යුද්ධය පටන් ගත් සමයේ පටන් ම ලෙබනනයේ තම ඉලක්ක වෙත පහරදීමට තර්ජනය කළ බවයි.

ගාසා හි යුද්ධය කලාපීය ගැටුමක් බවට පත්වීමේ ඉඩක් ඇති බව පැවසූ ඔහු එය වැළැක්වීමට නම් ගාසා හි කෙරෙන යුද්ධය නැවැත්විය යුතු බව කියා සිටියා.

කෙසේ වෙතත් ලෙබනන දේශසීමාව අසළ පවතින ගැටුම් තවත් තීව්‍ර වේදැයි ඔහු ඍජුවම පැවසූයේ නැහැ. ඔහු කියා සිටියේ හිස්බුල්ලා සංවිධානය ඔක්තෝබර් 8 වනදා සිටම යුද්ධයට සම් බන් ධව සිටින බවයි. එහෙයින් ඊට අලුතින් එක්වීමට දෙයක් නැතැයි ඔහු පැවසුවා.

ඔක්තෝබර් 7 වනදා ආරම් භ වූ යුද්ධයෙන් පසු නස්රල්ලා මෙසේ ප්‍රසිද්ධ කතාවක් කළේ පළමු වරටයි. එම කතාව පැවැත්වෙන අවස්ථාවේ ඔහුගේ ආධාරකරුවන් ලෙබනනයේ විවිධ ස්ථානවල රැස්වී සිටියා.

විචාරකයන් පෙන්වා දෙන්නේ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව දරුණු ප්‍රහාර එල්ල කිරීමට මැළිවන්නේ කරුණු කිහිපයක් නිසා විය හැකි බවයි. ලෙබනනය වෙත යුද්ධය පැතිරීම පිළිබඳ හිස්බුල්ලා සංවිධානයට විරුද්ධ පාර්ශව දැඩි විරෝධයක් දැක්වීම ද ඒ අතර හේතුවක් විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.