hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 04, ප.ව. 12:27



පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ මියන්වාලි ගුවන් හමුදා පුහුණු කඳවුර වෙත අද අළුයම ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා.

එරට මාධ්‍ය වාර්තා පවසන්නේ මෙම ත්‍රස්ත ප්‍රහාරය මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ සමත් වූ බවයි. කෙසේ වෙතත් වටලන ලද ත්‍රස්තවාදීන් කිහිප දෙනකු සමග වෙඩි හුවමාරු මීට ස්වල්ප වෙලාවකට පෙර ද පැවති බව වාර්තා වුණා.

ප්‍රහාරයේදී ත්‍රස්තවාදීන් කිහිපදෙනෙකු මියගොස් ඇති අතර පාකිස්ථාන ගුවන් හමුදාවේ ගුවන් යානා කිහිපයකට ද හානි සිදුව තිබෙනවා. රජය පවසන්නේ යානා තුනකට මෙසේ හානි සිදුවී ඇති බවයි.