hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 10, ප.ව. 4:27



ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයෙහි වැදගත්ම කාර්යයභාරයක් ඉටුකළ නුක්බා බලකායේ කිහිපදෙනකු ඊශ්‍රායල යුධ හමුදා මගින් මරා දමනු ලැබ ඇතැයි ඊශ්‍රායල සන්නද්ධ අංශ සඳහන් කළා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙසේ මියගිය සටන්කාමීන් අතර එහි අණදෙන නිලධාරී අහමඩ් මූසා සහ ප්ලැටූන් අණදෙන නිලධාරියකු වන අමර් අල්හන් දි වන බවයි.

ඊශ්‍රායල හමුදා එරට ශින් බෙට් ඔත්තු සේවයෙන් ලද තොරතුරු අනුව මෙම මෙහෙයුම් ක්‍රියාවට නැගූ බවයි සඳහන් වන්නේ.

මොසාඩ් සහ ශින් බෙට් ඔත්තු සේවා එක්ව මෙම කණ්ඩායමේ සාමාජිකයන් ඉලක්ක කරනු පිණිස මෑතකදී විශේෂ ඒකකයක් ද පිහිටවූ බව වාර්තා වී තිබුණා.