hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 10, ප.ව. 4:36



යුක්‍රේන යුධ මෙහෙයුම්වල රුසියානු හමුදා මූලස්ථානය වෙත ජනාධිපති ව්ලදිමීර් පුටින් සංචාරය කර තිබෙනවා.

කසාක්ස්ථානයේ සංචාරය නිමවා යළි පැමිණෙන අතරවාරයේ ඔහු මෙසේ දොන් නදීබඩ රස්තෝෆ් නගරයේ මෙම මූලස්ථානය කරා පැමිණි බවයි වාර්තා වන්නේ.

ඔහු පිළිගැනීමට ආරක්ෂක අමාත්‍ය සර්ගේයි ෂොයිගු සහ හමුදා ප්‍රධානී ජෙනරාල් වලේරි ගෙරසිමෝෆ් ද පැමිණ තිබුණා.

මෙම සංචාරය නවීන උපකරණ නිරීක්ෂණය කිරීම සඳහා කෙරුණ​ නිරීක්ෂණ චාරිකාවක් යැයි පවසනවාට වඩා වැඩි යමක් ක්‍රෙම්ලීනය විසින් සඳහන් කෙරුණේ නැහැ.

යුක්‍රේන පෙරමුණේ යුක්‍රේන ප්‍රතිප්‍රහාරය මේ වනවිට අසාර්ථ වී ඇති බවක් පෙන්නුම් කෙරෙනවා. රුසියාවේ සහ යුක්‍රේනයේ ඊළඟ පියවර කුමක් වේදැයි යුධ විශේෂඥයන් බලා සිටිනවා.