2023 නොවැම්‍බර් 10, ප.ව. 11:39
ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවල ස්වභාවයේ ආකාරය අනුව යුද්ධය පැතිර යාම අනිවාර් යයෙන් සිදුවනු ඇති බව ඉරාන විදේශ ඇමති හොසේන් අමිර්-අබ්දුල්ලහියාන් පවසනවා.
ඉරානයේ ආයතනය පවසන පරිදි මෙම කරුණ ඔහු සඳහන් කර ඇත්තේ කටාර් විදේශ අමාත්‍යවරයා සමග කරන ලද දුරකථන සංවාදයක් අතරතුරයි.
කෙසේ වෙතත් මෙම යුද්ධයේ පැතිරීම කවර අයුරින් වේදැයි ඔහු සඳහන් කර නැහැ.
ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වනවිට ගාසා තීරයේ 11,000 ක් ඉක්මවූ පිරිසක් මියගොස් ඇති අතර ඉන් 5000 කට ආසන්න පිරිසක් ළමුන් වනවා.
මේ අතර ඉරානයට සහය දක්වන කණ්ඩායම් කිහිපයක් ම ඊශ්‍රායලය සමග ගැටෙමින් සිටිනවා. නමුත් එම ගැටුම් තවම ගාසා හි මෙන් බරපතල මට්ටමට පැමිණ නැහැ.
2026 ජනවාරි 28, ප.ව. 7:15
2026 ජනවාරි 28, ප.ව. 1:39
2026 ජනවාරි 21, පෙ.ව. 9:16
2026 ජනවාරි 20, ප.ව. 8:39
2026 ජනවාරි 18, ප.ව. 11:55