2023 නොවැම්‍බර් 12, පෙ.ව. 12:00
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී තවදුරටත් වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව සඳහන්.
නැගෙනහිර පළාතේත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එහි දැක්වෙනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එහි දැක්වෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
2026 මැයි 02, පෙ.ව. 12:32
2026 මැයි 02, පෙ.ව. 12:27
2026 මැයි 02, පෙ.ව. 12:26
2026 මැයි 02, පෙ.ව. 12:24
2026 මැයි 02, පෙ.ව. 12:18
02-05-26
02-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26