2023 නොවැම්බර් 12, ප.ව. 2:28
ඊශ්‍රායලයේ ප්‍රතික්‍රියා කවරාකාර වුවද ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් සිදුකරන මෙහෙයුම් දිගටම කෙරෙන බව එහි මහලේකම් හසන් නස් රල්ලා කියා සිටිනවා.
ඊයේ පැවති හිස්බුල්ලා සංවිධානයේ දිවිපිදූ විරුවන් සැමරීමේ දිනයේදී කතාවක් කරමින් ඔහු සඳහන් කළේ දිනපතාම හිස්බුල්ලා ඩ්‍රෝන හයිෆා කරා ළඟාවන බවයි.
තවද හිස්බුල්ලා සංවිධානය බුර්කාන් මිසයිල ද ඊශ්‍රායලයට එරෙහිව භාවිතා කිරීමට පටන් ගත් බව ඔහු කියා සිටියා.
යේමනයේ හූති කැරලිකරුවන් විසින් එල්ල කරන ප්‍රහාර පිළිබඳව සඳහන් කළ නස්රල්ලා කියා සිටියේ එහි වැදගත්කම අතිමහත් බවයි. එමගින් “ඉස්ලාමීය ප්‍රතිරෝධයේ” එක්සත්භාවය දිස්වන අතර ඊශ්‍රායලයට ද වෙනත් පෙරමුණක් පිළිබඳ අවධානය දීමට සිදුව ඇති බව ඔහු පෙන්වා දුන්නා.
හිස්බුල්ලා සංවිධානය “දිවිපිදූ විරුවන් සැමරීමේ දිනය” නම්කර ඇත්තේ 1982 නොවැම්බර් 11 වනදා උදෑසන ටයර් නගරයේ පිහිටි ලෙබනනයේ ඊශ්‍රායල හමුදා මූලස්ථානයට මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අහමඩ් කසීර් සිහිවීමටයි.
2026 ජනවාරි 28, ප.ව. 7:15
2026 ජනවාරි 28, ප.ව. 1:39
2026 ජනවාරි 21, පෙ.ව. 9:16
2026 ජනවාරි 20, ප.ව. 8:39
2026 ජනවාරි 18, ප.ව. 11:55