2023 නොවැම්‍බර් 13, ප.ව. 3:35
ඊයේ ඉන්දියාවේ උත්තරාඛන්ද් ප්‍රාන්තයේ ඉදිකෙරෙමින් පැවති උමගක කොටසක් කඩාවැටීමෙන් එහි සේවය කළ කම්කරුවන් 40 දෙනකු කොටුව සිටින බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කළා.
උත්තරාඛන්ද් පොලිසිය පවසන්නේ මෙම පිරිස ගලවාගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.
එමෙන්ම ජල නල යොදාගෙන මෙම පිරිසට ඔක්සිජන් සහ ආහාර සැපයීමට සමත් වූ බව ද වාර්තා වනවා.
උතුරුදිග ඉන්දියාවේ උත්තරාඛන් ද් ප්‍රාන්තයේ ඉදිවෙමින් තිබෙන අධිවේග මාර්ගයක කිලෝමීටර 4.5 ක් දිග කොටසක මෙම අනතුර සිදුව තිබෙනවා. කොටුවී සිටින පිරිස යහපත් තත්ත්වයෙන් සිටින බව දැනගන්නට ඇති අතර ඔවුන් කරා ළඟාවීමට මීටර් 35 ක් දුරට ඇති සුන්බුන් ඉවත් කිරීමට සිදුව තිබෙන බවයි ඉන්දියානු මාධ්‍ය කියා සිටියේ.
2026 ඔක්‍තෝබර් 10, ප.ව. 12:36
2026 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:34
2026 ඔක්‍තෝබර් 08, ප.ව. 7:15
2026 සැප්තැම්බර් 25, ප.ව. 12:45
2026 සැප්තැම්බර් 22, ප.ව. 1:55