hit counter

2025 ඔක්‍තෝබර් මස 21 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 13, ප.ව. 3:48



හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් අද අංක 10, ඩවුනිං වීදිය අගමැති නිල නිවස වෙත පැමිණෙන අයුරු බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් විකාශය කරනු ලැබුණා.

ඔහු මෙසේ පැමිණියේ අගමැති රිෂී සුනාක් විසින් ස්වදේශ කටයුතු අමාත්‍ය සුවෙල්ලා බ්‍රවමන් සිය ධුරයෙන් පහ කිරීමෙන් අනතුරුවයි.

විශේෂයෙන්ම පලස්තීනයට සහය දැක්වීමේ උද්ඝෝෂණ සහ පොලිසියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ බ්‍රවර්මන් කළ ප්‍රකාශ සහ සෙනසුරාදා විරෝධතා අතර මතුවූ තත්ත්වයන් හේතුවෙන් බ්‍රවර්මන් ධුරයෙන් ඉවත් කරන ලෙස එන ඉල්ලීම් ඉහළ ගියා. ඒ අනුව සුනාක් අද දින ඇයව ධුරයෙන් පහ කිරීමට කටයුතු කළා.

හිටපු අගමැතිවරයකු වශයෙන් ඩේවිඩ් කැමරන් බොහෝ විට විදේශ අමාත්‍ය ලෙස පත් කිරීමේ ඉඩක් පවතින්නේ යයි මේ අතරවාරයේ අනාවැකි පළ වෙමින් තිබෙනවා.