2023 නොවැම්බර් 14, පෙ.ව. 10:57
ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයේ සැලැස්ම සිදුවූ ප්‍රහාරයට වඩා පුළුල් වූ බව වොෂිංටන් පෝස්ට් පුවත්පත සඳහන් කර තිබෙනවා.
බුද්ධි නිලධාරීන් කිහිපදෙනකු සමග කරන ලද සාකච්ඡා මත පදනම්ව සැකසුන එම පුවත්පත් වාර්තාව පවසන පරිදි එම ප්‍රහාරයේ දෙවන අදියර ලෙස ඊශ්‍රායලයේ ප්‍රධාන නගර සහ හමුදා කඳවුරු ඉලක්ක කරගැනුමට නියමිතව තිබුණා.
තවද හැකි තරම් පිරිස් ඝාතනය කර ප්‍රාණඇපකරුවන් ද හැකි තරම් අල්ලාගන්නා ලෙස හමාස් සටන්කාමීන්ට උපදෙස් ලැබී තිබුණ බව සඳහන්.
මේ අතර ඇතැම් හමාස් සටන්කාමීන් සතුව තිබූ සිතියම් සහ සැපයුම් අනුව ඔවුන් බටහිර ඉවුර දක්වා ගමන් කිරීමට සැලසුම් කළ බවක් පෙනෙන්නේ යයි එක් බුද්ධි නිලධාරියකු පවසා තිබෙනවා.
එසේ හමාස් සටන්කාමීන් බටහිර ඉවුරට ළඟා වූයේ නම් එය ඊශ්‍රායලයට අපකීර්තියක් වනවා සේම පලස්තීන පාලන අධිකාරිය අපහසුතාවට පත් කරන්නට තිබුණ බව ද එම නිලධාරියා පෙන්වා දී තිබෙනවා.
මේ අතර හමාස් සංවිධානය මෙම ප්‍රහාරය සඳහා වසරක පමණ සිට සූදානම් වූ බව දිස්වන බව වොෂිංටන් පෝස්ට් පුවත්පත පෙන්වා දෙනවා. ඔවුන් ඒ සඳහා තොරතුරු රැස්කිරීමට ඊශ්‍රායලයේ රැකියා කළ ගාසා වැසියන් වෙතින් ලද තොරතුරු පමණක් නොව සමාජ මාධ්‍යවල පළවූ ඡායාරූප සහ දේපළ වෙළෙඳාම් දැන්වීම් ආදිය පවා යොදාගෙන ඇතැයි බුද්ධි නිලධාරීන් සඳහන් කර තිබෙනවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16