hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 16, ප.ව. 6:56



චීන සහ ඇමරිකානු හමුදා අතර ඍජු සන්නිවේදනය නැවත ඇරඹීම සඳහා එකඟතාවයක් ඇති වූ බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළා.

චීන ජනාධිපති සී ජින්පිං සමග සැන් ෆ්‍රැන්සිස්කෝවේ දී සිදුවූ හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

දෙරට අතර ඍජු මිලිටරි සන්නිවේදනය අත් හිටවන ලද්දේ පසුගිය වසරේදී එවකට ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතානායිකා නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයෙන් පසුවයි.

බයිඩන් කියා සිටියේ ලෝකයේ විවිධ ස්ථානවල උණුසුම්කාරී තත්ත්වයන් මතුව තිබියදී මෙම ඍජු සන්නිවේදන මාර්ග විවරව තිබීම වැදගත් බවයි.

නායකයින් දෙදෙනාගේ හමුව ඵලදායී වූ බවත්, එනමුත් දෙරට අතර බොහෝ වෙනස් අදහස් තිබෙන බවත් ඔහු කියා සිටියා.