hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 16, ප.ව. 10:28



ඇමරිකාවෙන් ලැබුණ ඇබ්‍රම්ස් යුධ ටැංකිවලින් යුක්‍රේන යුධ පෙරමුණට එතරම් බලපෑමක් නොවූ බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.

මාධ්‍යවේදීන් පිරිසක් සමග නොබෝදා කළ සාකච්ඡාවකදී ඔහු පවසා තිබුණේ එම යුධ ටැංකිය ඉතා හොඳ ආයුධයක් වුවද ඔවුන්ට ලැබුණ යන්ත්‍ර 31 න් විශාල බලපෑමක් කිරීමේ හැකියාවක් නොමැති වූ බවයි.

තමන් සතුව​, හරි යන්නට හෝ වරදින්නට හෝ විවිධ ආකාරයේ යුධ ටැංකි වන බව ද ඔහු කියා සිටිනවා.

ඇබ්‍රම්ස් යුධ ටැංකි සංකීර්ණ යන්ත්‍ර බැවින් ඒවා ලබාදීමට ඇමරිකාව අදිමදි කළ ද ජනවාරියේ ඔවුන් පැවසූයේ තමන් යුධ ටැංකි සුළු ප්‍රමාණයක් ලබාදෙන බවයි. ඒ අනුව සැප්තැම්බරයේදී එම යුධ ටැංකි පෙරමුණට ලැබී තිබුණා.