2023 නොවැම්බර් 17, ප.ව. 8:26
ගාසා තීරයේ මානුශීය අවශ්‍යතා සඳහා දිනකට තෙල් බවුසර දෙකක් යැවීමට ඊශ්‍රායල යුධ කැබිනෙට්ටුව ගත් තීරණය හේතුවෙන් ඊශ්‍රායල කැබිනෙට්ටුව තුළ මතභේද හටගෙන තිබෙනවා.
අන්ත දක්ෂිනාංශික අමාත්‍යවරුන් වන බෙසලෙල් ස්මොත්රිච් සහ ඉටමාර් බෙන් ගවීර් එම තීරණයට දැඩි විරෝධය දක්වා ඇති බවයි වාර්තා වන්නේ.
ඇමරිකාවේ බලපෑම මත ඊශ්‍රායලය විසින් මෙම තීරණය ගන්නා ලද්දේ මානුශීය කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීමෙන් රෝග සහ සාගත තත්ත්වයක් ගාසා හි ඇතිවේ යන බිය නිසයි.
ඊශ්‍රායලයේ යුධ කැබිනෙට්ටුවට නිත්‍ය සාමාජිකයන් තිදෙනෙක් සහ නිරීක්ෂක මට්ටමේ සාමාජිකයන් දෙදෙනෙක් ඇතුලත් වනවා. එහි නිත්‍ය සාමාජිකයන් වන්නේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ආරක්ෂක ඇමති යොආව් ගලාන්ට් සහ හිටපු ආරක්ෂක ඇමතිවරයකු සහ හිටපු හමුදාපතිවරයකු වන බෙනී ගාන්ට්ස් යන තිදෙනායි.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16