2023 නොවැම්‍බර් 22, පෙ.ව. 1:00
හමාස් සංවිධානය සමග සටන් විරාමයක් සඳහා ඊශ්‍රායල කැබිනෙට්ටුවේ බහුතර සාමාජිකයන් විසින් අනුමැතිය දී තිබෙනවා.
අන්ත දක්ෂිනාංශික පක්ෂ වන ආගමික සයොන්වාදීන් සහ ඔට්සමා යෙහුදිත් (යුදෙව් බලය) පක්ෂවල විරෝධය යටතේ වුවද අනෙකුත් සාමාජිකයන්ගේ කැමැත්ත මත මෙසේ අනුමැතිය හිමිව තිබෙනවා.
සම්ප්‍රදායික යුදෙව් පක්ෂයක් වන ශාස් පක්ෂය ද මෙම යෝජනාවට පක්ෂ වීමට තීරණය කර තිබෙනවා. දැඩි අවදානමකට පත්ව සිටින ප්රාණඇපකරුවන් නිදහස් කිරීම සඳහා මෙම යෝජනාවට පක්ෂ වන ලෙස එම පක්ෂයෙහි ආගමික උපදේශක මඩුල්ල දන්වා ඇති බවයි එම පක්ෂය පවසන්නේ.
මේ අතර මෙම සටන් විරාම යෝජනාව ක්‍රියාවට නැගුණහොත් බෙසාලෙල් ස්මොත්‍රිච් සහ ඉටමාර් බෙන්-ගවීර් යන ඇමතිවරුන් සිය ධුරවලින් ඉවත් වීමේ ඉඩක් ඇතැයි වාර්තා වුණා.
අදාල සටන් විරාම යෝජනාව අනුව දින හතරක සටන් නැවතීමක් සිදුවන්නට නියමිත අතර ප්රාණඇපකරුවන් 50 දෙනකු නිදහස් කිරීමට නියමිතයි. එමෙන්ම ඊශ්‍රායල සිරභාරයේ සිටින පලස්තීන ජාතිකයන් පිරිසක් ද නිදහස් කෙරෙනු ඇති. එහිදී මිනීමරුවන් නිදහස් නොකරන බවයි ඊශ්‍රායලය පවසන්නේ.
2024 දෙසැම්‍බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්‍බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්‍බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්‍බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්‍බර් 15, ප.ව. 6:16