2023 නොවැම්බර් 24, ප.ව. 6:52
ඊශ්රායලය සහ හමාස් සංවිධානය අතර දින හතරක සටන් විරාමය අද දින ක්රියාවට නැගුණා. එරට වෙලාවෙන් උදෑසන 7 ට එම සටන් විරාමය බලාත්මක වූ අතර පලස්තීන වැසියන් ආරක්ෂිත ස්ථානවලින් පිටතට පැමිණ සිටි අයුරු දකින්නට ලැබුණා.
මේ අතර මානුෂීය ආධාර රැගත් ට්රක් රථ ද ගාසා තීරය වෙත ගමන් කිරීම ඇරඹුණා.
කෙසේ වෙතත් දකුණු ගාසා සිට උතුර දෙසට ගමන් කිරීමට උත්සාහ කළ පලස්තීන වැසියන් පිරිසකට ඊශ්රායල ආරක්ෂක හමුදා වෙඩි තැබූ අතර ඉන් දෙදෙනකු මියගොස් 11 දෙනකු තුවාල ලබා තිබෙනවා.
ඊශ්රායලය නිවේදනය කළේ උතුරු ගාසා ප්රදේශය යුධ කලාපයක් ලෙස පවතින බැවින් එය දෙසට ගමන් කිරීමට අවසර නොදෙන බවයි. කෙසේ වෙතත් ඉන් ඉවත් වන සිවිල් වසියන්ට බාධාවක් නැතැයි ද ඔවුන් පවසා සිටියා.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16