2023 නොවැම්‍බර් 24, ප.ව. 7:01
චීනයේ ළමුන් අතර පැතිර යන්නේ යයි වාර්තා වූ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්වය පිළිබඳ එරට බලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානයට කරුණු පැහැදිලි කර තිබෙනවා.
මෙම රෝගය දැනට හඳුනාගෙන ඇති විෂබීජ හේතුවෙන් ඇතිවන්නක් බව පවසන චීන සෞඛ්‍ය බලධාරීන් එම තත්ත්වය හේතුවෙන් දැනට හඳුනාගත නොහැකි රෝග ලක්ෂණ පෙන්නුම් නොකෙරෙන බව ද කියා සිටිනවා.
මෙසේ මෙවැනි රෝග තත්ත්වයන් පැතිරීම වැඩි වී ඇත්තේ කලක් තිස්සේ පැවති කෝවිඩ්-19 සීමාවන් ඉවත් කිරීම හේතුවෙන් විය හැකි යයි ද බලධාරීන් අනුමාන කරනවා.
චීනය ආශ්‍රිතව පසුගිය සමයේ කෝවිඩ්-19 සහ සාර්ස් වැනි වසංගත වාර්තා වූ හෙයින් මෙවැනි වේගයෙන් පැතිර යන රෝගයක් පිළිබඳව වාර්තා වීම කිසියම් විමසිලිමත්භාවයක් ඇති කිරීමට සමත් වුණා.
2026 ජූලි 21, ප.ව. 8:24
2026 ජූලි 21, ප.ව. 8:10
2026 ජූලි 12, ප.ව. 3:10
2026 ජූලි 12, ප.ව. 2:55
2026 ජූලි 08, පෙ.ව. 10:46