2023 නොවැම්‍බර් 25, ප.ව. 11:17
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද දින තේජස් සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානයක පියාසැරියකට සහභාගී වුණා.
බැංගලෝරයේ හින්දුස්ථාන් එයරොනොටික්ස් සමාගමේ (HAL) දී ඔහු මෙසේ පියාසර කළේ පුහුණු යානයකයි. තේජස් යානය නිපදවනු ලබන්නේ එම ආයතනය විසින්. එමෙන්ම එය දැනට ඉන්දීය ගුවන් හමුදාවේ භාවිතා වන මිග්-21 යානා වෙනුවට යොදාගැනීමට නියමිතව තිබෙනවා.
සිය X ගිණුමේ සටහනක් තබමින් නරේන්ද්‍ර මෝදි කියා සිටියේ මෙම පියාසැරිය තමන් තුළ ස්වදේශීය හැකියාවන් පිළිබඳ විශ්වාසය බෙහෙවින් ඉහළ නැංවීමට හේතු වූ බවයි. එමෙන්ම ඉන්දියාවේ ජාතික විභවය පිළිබඳ සාඩම්බරයක් සහ ධනාත්මක අදහසක් තමන් තුළ ජනිත වූ බව ද ඔහු සඳහන් කළා.
ඉන්දියාවට අවශ්‍ය අවි නිෂ්පාදනය හැකිතරම් ස්වදේශීකරණය කිරීම කෙරෙහි මෝදි ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා. ගුවන් යානා ක්ෂේත්‍රය ගත්විට තේජස් යානයට අමතරව පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානයක් නිපදවීම කෙරෙහි ද HAL ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48