hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 26, පෙ.ව. 10:50



සටන් විරාම කොන්දේසි පිළිබඳ ඇතිවූ මතභේදයකින් සිදුවූ පැය කිහිපයක ප්‍රමාදයකින් අනතුරුව ඊශ්‍රායල සිරභාරයේ සිටි පලස්තීන වැසියන් 39 දෙනකු සඳහා ඊශ්‍රායල ප්‍රාණ​ඇපකරුවන් 13 දෙනකු නිදහස් කිරීම ඊයේ සිදුවුණා.

ඊශ්‍රායලය විසින් කලින් එකඟ වූ පරිදි මානුෂීය ආධාර​ රැගත් ට්‍රක් රථ 200 කට ගාසා තීරයට ඇතුල් වීමට අවසර නොදීම වැනි සටන් විරාම කොන්දේසි බිඳ දැමූ අවස්ථා කිහිපයක් පිළිබඳ තමන් විරෝධය දැක්වූ බවයි හමාස් සංවිධානය සඳහන් කළේ.

නිදහස ලැබූ පලස්තීන වැසියන් පිළිගැනීමට විශාල පිරිස් ඔවුන්ගේ නිවෙස් පිහිටි ප්‍රදේශයන් හි රැස්ව සිටිනු දකින්නට ලැබුණ බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

නිදහස් කරන ලද පිරිස් අතර කාන්තාවන් සහ දරුවන් වනවා. මේ අතර විදේශීය ජාතිකයන් කිහිපදෙනකු ද හමාස් සංවිධානය විසින් නිදහස් කර ඇතැයි වාර්තා වුණා.

මේ අතර තුන්වන ප්‍රාණ​ඇපකරු-සිරකරු හුවමාරුව අද සිදුවීමට නියමිතයි.