hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 01, පෙ.ව. 6:33



ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර හත්වැනි සිරකරු – ප්‍රාණ​ඇපකරු හුවමාරුව ඊයේ සිදුවුණා.

සටන් විරාමය නිම වීමට ස්වල්ප මොහොතක් තිබියදී එම එකඟතාවයට පැමිණීමට දෙපාර්ශවය සමත් වුණා. ඒ අනුව ඊශ්‍රායල වැසියන් 8 දෙනකු ද පලස්තීන වැසියන් 30 දෙනකු ද ඊයේ දිනය තුළ නිදහස් කරන ලද බව වාර්තා වුණා.

මේ අතර සටන් විරාමය තවදුරටත් දිගු වන්නේදැයි සැකයක් මේ වනවිට මතුව තිබෙනවා. ඊශ්‍රායලය තවදුරටත් සටන් විරාමය දිගු කිරීමට සූදානම් නමුත් එය බිඳවැටේ නම් සටන් යළි ඇරඹීමට ද සූදානමින් සිටින බව ප්‍රකාශ කරනවා.