2023 දෙසැම්‍බර් 01, පෙ.ව. 6:33
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර හත්වැනි සිරකරු – ප්රාණඇපකරු හුවමාරුව ඊයේ සිදුවුණා.
සටන් විරාමය නිම වීමට ස්වල්ප මොහොතක් තිබියදී එම එකඟතාවයට පැමිණීමට දෙපාර්ශවය සමත් වුණා. ඒ අනුව ඊශ්‍රායල වැසියන් 8 දෙනකු ද පලස්තීන වැසියන් 30 දෙනකු ද ඊයේ දිනය තුළ නිදහස් කරන ලද බව වාර්තා වුණා.
මේ අතර සටන් විරාමය තවදුරටත් දිගු වන්නේදැයි සැකයක් මේ වනවිට මතුව තිබෙනවා. ඊශ්‍රායලය තවදුරටත් සටන් විරාමය දිගු කිරීමට සූදානම් නමුත් එය බිඳවැටේ නම් සටන් යළි ඇරඹීමට ද සූදානමින් සිටින බව ප්‍රකාශ කරනවා.
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48