hit counter

2025 මැයි මස 20 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 06, පෙ.ව. 8:51



ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල ගණන් පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි එම සංගමය සඳහන්කර සිටියේ.

මෙම භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත්කරනු ලැබුවේ වසර තුනහමාරකට පසුවයි.

පැවති කොවිඩ් අර්බුදයත් සමඟ කණකොකා හැඬලූ ඉදිකිරීම් කේෂත්‍රයට ආනයන සීමා ලිහිල් කිරිමත් සමඟ නව පන්නරයක් ලැබී ඇති බවයි එම සංගමය සඳහන්කර සිටියේ.

තවදුරටත් තීරුබදු වැඩිකිරීමක් සිදු නොකරන ලෙසයි එම සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: