2023 දෙසැම්බර් 10, පෙ.ව. 8:59
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ආණ්ඩුව හදිසි අවශ්‍යතා පදනම යටතේ කොන්ග්රස් මණ්ඩලයේ අනුමැතිය නොමැතිව ඊශ්‍රායලයට අවි තොගයක් විකිණීමට කටයුතු කර තිබෙනවා.
මේ අනුව ඩොලර් මිලියන 106.5 ක් වටිනා යුධ ටැංකි උණ්ඩ තොගයක් ඇමරිකාව විසින් සපයනු ලැබ ඇතැයි රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මෙම අවි සැපයීම සඳහා හදිසි අවශ්‍යතාවයක් පවතින බවට රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් විසින් කොන්ග්රස් මණ්ඩලයට දන්වා තිබෙනවා. මේ අතර නිවේදනයක් නිකුත් කරන රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා ඇමරිකාව කැපවී සිටින බවයි.
ඇමරිකාව විසින් අවි සැපයීම සාමාන්‍යයෙන් කොන්ග්රස් මණ්ඩලයේ අනුමැතිව නොමැතිව සිදුවන්නේ නැහැ. එසේ සිදුවන්නේ කොන්ග්රස් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට කාලය නොමැති හදිසි තත්ත්වයක් ඇතිවූ බවට විධායකය විසින් තීරණය කරන්නේ නම් පමණයි.
බයිඩන් ආණ්ඩුව යුධ ආධාර සඳහා ඩොලර් බිලියන 106 ක පරිපූරක ඇස්තමේන්තුවක් අනුමත කරගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැහැ. එයින් ඩොලර් බිලියන 14.3 ක් වෙන් කිරීමට නියමිත වූයේ ඊශ්‍රායලය වෙනුවෙන්. කෙසේ වෙතත් බයිඩන් සඳහන් කර තිබුණේ ඊශ්‍රායලයට සහ යුක්රේනයට ලබාදෙන ආධාර එක ගොනුවක් ලෙස අනුමත කළ යුතු බවයි. කොන්ග්රස් මණ්ඩලය ඊශ්‍රායලයට ඩොලර් බිලියන 14.5 ක මුදලක් අනුමත කළ ද යුක්රේන ආධාර අනුමත කළේ නැහැ. විශේෂයෙන්ම රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන චෝදනාව වන්නේ ඇමරිකාව කිසිදු සැලැස්මක් නොමැතිව යුක්රේන යුද්ධය දිග්ගැස්සීමට කටයුතු කරන බවයි.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16