hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2023 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:04



අනුරාධා එදිරිසිංහ කියන්නේ මේ දිනවල අතිශය ජනප්‍රිය නිළියක්.

පසුගියදා පැවති සම්මාන උළෙලකදී හොඳම නිළිය සම්මානය දිනා ගැනීමට සමත් වුණා.

ඉතින් ඒ ගැන ඇය දක්වපු අදහස් තමයි මේ.

මේ සම්මානය ලැබෙද්දී ඇය වෙනුවෙන් සතුටු වෙන අය ගැනද ඇය අදහස් දක්වා තිබුනේ මෙහෙමයි.

ඔබට හිමිවූ මේ සම්මානය ගැන හොඳම මිතුරිය ශලිනි තාරකාගේ ප්‍රතිචාරය මොන වගේද?

ඇත්තටම මම නොමිනේට් වෙද්දිම මම හැරිලා බැලුවේ අක්කව. සම්මානයක් ගැන හීනයක්වත් නොතිබුණු මට සම්මාන ගැන හීන බලන්න පවා ඉගැන්නුවේ ඇය. මේ සම්මාන උළෙලෙන් පස්සෙත් ඇය මට කිව්වේ සෝෂල් මීඩියා යන හැම වතාවකම මගේ සම්මානය ගැන දකිද්දි ඇයට මං ගැන ආඩම්බරයක් ඇති වෙනවා කියලා.

ඔබේ පියා හිටියා නම් මේ සම්මානය ගැන කොතරම් සතුටු වෙයිද?

මේ ලෝකේ වාසනාවන්තම දුව මම කියලා හිතෙන හැම මොහොතකම අනිත් පැත්තට මේ ලෝකේ අවාසනාවන්තම දුව මම නේද කියන එක මට දැනෙනවා. ඒ සම්මාන රාත්‍රියත් ඒ වගේ එකක්. ඊට කලින් සම්මානය ලැබුණු මොහොතත් ඒ වගේ. මම දන්නවා ඒ වගේ මොහොතක ඔහු තරම් මටවත් සන්තෝෂ වෙන්න බැහැ. ඔහු මම ජීවිතයේ පරාද වෙන තැන් ඕනෑ තරම් දැකලා තිබෙනවා. නමුත් මම ජීවිතය දිනනවා ඔහු දැකලා තිබුණේ නැහැ. ඒ ගැන ජීවිතයේ මියයන තුරුම මට ලොකු පසුතැවීමක් තිබෙයි. මම දැන් හිතන්නේ තාත්තා නැති වුණත් ඔහුගේ ආශීර්වාදය හැම මොහොතකම මට තිබෙනවා කියලා. ඒ වගේම අම්මා කියන්නේ දැන් මට අම්මගෙයි, තාත්තගෙයි දෙන්නගෙම ශක්තිය දෙන කෙනා. මම විශ්වාස කරනවා. මගේ දේවල්වලදි මටත් වඩා සතුට වෙන කෙනා ඇය කියලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: