2023 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:00
 
            
කාලේ තරුණ දරුවන්ගේ ජීවිත ගැන මව්පියන් මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන.
ඒත් එක්කම මේ වගේ දේවල්වලට තමගේ දරුවන් ඇබ්බැහි වෙනවා නම් ඒ කොහොමද එහෙම වෙන්නේ කියන එක දරුවෙක්ට සමීප වෙන ඕනම කෙනෙක්ට දැනෙන්න ඕන දෙයක්.
මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක්.
අනුරාධපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවල පාසල් සිසුවියන් අතර, මත්පෙති භාවිතය ඉහළ ගොස් ඇති බවට ගුරු සංගමය අනාවරණ කරනවා.
යුද හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව පසුගියදා අනුරාධපුරයේ ප්‍රධාන පෙළේ ඔසුසලක් වැටලීමෙන් ඒ පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු වී තිබෙනවා.
එහිදී මත්පෙති දහසකට අධික සංඛ්‍යාවක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් සිසුවියන් අතර, මත්පෙති භාවිතය ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම සිසුවියන් විසින් මත්පෙති මිලදී ගැනීම සඳහා තම ශරීරයේ අවයව විවිධ පුද්ගලයින්ට ස්පර්ශ කිරීමට ඉඩ ලබා දී එමගින් මුදල් උපයා ගෙන තිබෙනවා.
එමෙන්ම ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු අනුරාධපුරයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කයේ පාසල් සිසුවියන් අතරද මත්පෙති භාවිතය ඉහළ ගොස් ඇති බවට විදුහල්පතිවරුන් තමන් වෙත ප්‍රකාශ කළ බවයි.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25