hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 12, ප.ව. 2:11



යේමනයේ හූති කැරලිකරුවන් නෝර්වේ ධජය යටතේ යාත්‍රා කළ තෙල් නැවකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළා.

බබ් එල් මන්ඩෙබ් සමුද්‍ර සන්ධියේදී එල්ල වූ මෙම ප්‍රහාරයෙන් එම නැවෙහි ගින්නක් හටගත් බව වාර්තා වුණා.

හූති මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරල් යාහ්යා සරී කියා සිටියේ “ස්ට්‍රින්ඩා” නම් වන මෙම නෞකාව ඊශ්‍රායලය වෙත යාත්‍රා කරමින් තිබුණු බවයි. එමෙන්ම එයට කළ අනතුරු ඇඟවීම් ද එම නැව විසින් නොසලකා හැරිය බවයි යාහ්යා සරී කියා සිටියේ.