hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2023 දෙසැම්‍බර් 21, පෙ.ව. 10:41



හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ප්‍රසිද්ධ ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

ඔහු මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ යි.

දැඩි සත්කාර ඒකකය ඉදිරිපිට දැන්වීම් පුවරුවක් ද සවි කර ඇති අතර, ඔහු බැලීම සඳහා අවසර හිමි නොවන බවට එහි දක්වා ඇති බවයි පැවසෙන්නේ.

විශාල රසික පිරිසක් ඔහුගේ සැප දුක බැලීම සඳහා පැමිණීම රෝහලට මෙන්ම ඔහුට ද විශාල අපහසුතාවයක් ඇති කරන බව රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා.

එම නිසා කිසිවෙකුත් මේ මොහොතේ චාමර වීරසිංහ බැලීම සඳහා රෝහලට පැමිණීමෙන් වළකින ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: