hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2024 ජනවාරි 12, පෙ.ව. 12:06



ලීටරයේ ප්ලාස්ටික් වතුර බෝතලයක නැනෝ ප්ලාස්ටික් පිළිකාකාරක අංශු 240,000ක් අඩංගු බව අමෙරිකාවේ කොළොම්බියා සරසවියේ විද්‍යාඥයන් පරීක්ෂණයක් මඟින් හෙළි කර ඇත.

ප්ලාස්ටික් ජල ලීටරයේ බෝතලයක නැනෝ ප්ලාස්ටික් අංශු 110,000 සිට 400,000 දක්වා පවතින අතර එහි ඇතුලත් විස අංශු ප්‍රමාණය 240,000ක් බවද විද්‍යාඥයන් පරීක්ෂණය මගින් අනාවරණය කර ඇත.

එම ප්ලාස්ටික් බෝතලයකින් ජලය පානය කිරීමෙන් සිරුරට අහිතකර කුඩා පිළිකාකාරක අංශු ඇතුලත් වන බවත් එම ජලය සෞඛ්‍යයට ඉතා අහිතකර බවද එම විද්‍යාඥයන් සදහන් කරයි.

එම නැනෝ ප්ලාස්ටික් අංශු ඉතාමත් විසකර රසායනික ප්‍රභේදයක් වන බැවින් ඒවා ඉතාම ඉක්මනින් සිරුර වෙත ඇතුළුවීමේ හැකියාවක් පවතින බවද එම විද්‍යාඥයන් සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: