hit counter

2026 මැයි මස 03 වන ඉරිදා

2024 ජනවාරි 19, පෙ.ව. 10:18



කැලණි ගඟේ තොටුපොළක දියනෑමට ගොස් කිඹුලෙකු ඩැහැගෙනයාමෙන් අතුරුදන් වූ 9 හැවිරිදි දරුවාගේ දේහය ඥාතීන්ගේ සෝ සුසුම් මැද නිවසට රැගෙන ආවා.

ඒ අනුව පුංචි දිස්නගේ දේහය ඊයේ (18) රාත්‍රියේ ඔහුගේ නිවසට රැගෙනවිත් තිබුණා.

කඩුවෙල වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ කැළණි ගං තොටුපොලේදී පුංචි දිස්න මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවී තිබුණා.

මිත්තණිය රෙදි සෝදමින් සිටින අතරතුර ඒ ආසන්නයේ පුංචි දිස්න සිය බාල සොහොයුරු සමඟ දියනාමින් සිටියදී අනපේක්ෂිත අයුරින් එක්වරම පැමිණි කිඹුලෙකු දිස්නව ඩැහැගෙන ගොස් තිබුණා.

අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නාවික කොට්ඨාසය සහ නාවික හමුදා කිමිඳුම් නිලධාරීන් පුංචි දිස්න සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කළ අතර ප්‍රදේශවාසීන් ද ඊට සහය ලබාදු න්නා.

ඒ අනුව දිස්නගේ මළසිරුර සොයාගෙන තිබුණේ දරුවා දිය නෑමට ගිය ස්ථානයේ සිට කිලෝමීටර් එකහමාරක් පමණ ගඟ පහළට වූ ප්‍රදේශයේ තිබීයදීය.

මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ මුහුණදුන් 9 හැවිරිදි දිස්න පදිංචිව සිටියේ කඩුවෙල, වැලිවිට සාන්ත අන්තෝනි මාවත ප්‍රදේශයේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: