2024 ජනවාරි 28, පෙ.ව. 12:08
            
හදවතේ ගායකයා ලෙස ජනාදරයට පාත්‍ර වූ ගායන ශිල්පී චාමර වීරසිංහ සුවය ලබා කළුබෝවිල රෝහලේ සිට ඊයේ (27) සිය නිවස බලා පිටත්ව ගියා.
දින 40කට ආසන්න කාලයක් ඔහු කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවා.
චාමර වීරසිංහ කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණේ ශ්වසන අපහසුතාවක් හේතුවෙන්.
එහිදී ඔහු උගුරේ සහ උදරයේ සැත්කම් දෙකකට ලක් කෙරුණු බව රෝහල් ආරංචිමාර්ග පැවසුවා.
දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ චාමර වීරසිංහ මීට සති කිහිපයකට පෙර සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමට හැකියාව තිබුණද තවදුරටත් දැඩිසත්කාර ඒකකයේම තබා ගනිමින් ඔහුට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළා.
ඒ, යම් හෙයකින් ඔහුගේ සුවදුක් විමසීමට රෝහලට පිරිස් පැමිණියහොත් චාමරට අවශ්‍ය විවේකය නොලැබෙණු ඇති බවට විශ්වාසය පළ කරමින්.
ඉතින් චාමරගේ මිතුරා වන දමිත් අසංක ද චාමරගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මෙලෙස සඳහන් කර තිබුණා.
‘චාමර වීරසිංහ නැවතත් එනවා. ඇවිත් හිටියටත් වඩා හොඳට ඉන්නවා. ගීත ගායනා කරනවා වගේම ගීත නිර්මාණයත් කරනවා. ඒක මම මගේ දැනුමෙන් මගේ බුද්ධියෙන් මිනිසුන්ට කියන කතාවක්. නමුත් ඒකට යම් කිසි කාලයක් ගත වෙනවා. ඒ දෙය ඒකාන්තයෙන්ම වෙනවා. චාමර ගෙවන්නෙ එයාගේ කරුමයක් නෙමෙයි. අනුන් නිර්මාණ කරපු කරුමයක්.”
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25