hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 16, පෙ.ව. 12:04



ලංකාවේ ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 9,434ක් පසුගිය වසරේ ජනවාරි (01) දින සිට දෙසැම්බර් (31) දින දක්වා කාලය තුළ ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ සදහන් කරයි.

ළමුන් ලිංගික අතවරයට ලක් කිරීම් සම්බන්ධ පැමිණිලි 472ක්, බරපතළ ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 404ක්, ක්‍රෑරත්වයට භාජනය කිරීම සම්බන්ධව පැමිණිලි 2242ක්, ගැහැනු ළමුන් දූෂණය කිරීම් සම්බන්ධ පැමිණිලි 51ක් සහ අසභ්‍ය පළ කිරීම්වලට ළමුන් යොදා ගැනීම් සම්බන්ධ පැමිණිලි 06ක් ඒ අතර වෙනවා.

තවද මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ළමුන් යොදා ගැනීම, ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීම්, ගෘහස්ථ හිංසනය මඟින් පීඩාවට පත් කිරීම්, නොසලකා හැරීම, පැහැරගෙන යාම, තුවාල සිදුකිරීම, ළමුන් අලෙවිකිරීම, පාසල් අධ්‍යාපනය ලබානොදීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවද සභාපතිවරයා සදහන් කරයි.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වන විට අදාළ අංශ වෙත යොමුකර ඇති බවත් ළමා අපයෝජන වළක්වා ගැනීම සඳහා දැනට පවතින ඇතැම් නීති සංශෝධනය කිරීමට සාකච්ඡා සිදුකරමින් පවතින බවද සභාපතිවරයා සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: