hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2024 මාර්තු 04, පෙ.ව. 11:37



කදිරාණවත්ත මත්කුඩු රැජින නමින් හැඳින්වෙන 45 හැවිරිදි කාන්තාවක් දැඩි පරිශ්‍රමයකින් පසු අත්අඩංගුවට ගැනීමට පොලීසිය අද (03) සමත් වුණා.

ඒ යුක්තියට සමගාමීව සිදුකළ මෙහෙයුමකදීයි. 

මට්ටක්කුලිය පොලිසියට අනුයුක්ත පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් කාන්තාවගේ නිවස වැටලූ අවස්ථාවේ ඇය අසල වූ කුණු ඇළකට පැන තිබුණා.

පසුව ඇය අත්අඩංගුවට ගත්තේ අමතර පොලිස් නිලධාරින් කණ්ඩායමක්ද එම ස්ථානයට ගෙන්වා ගැනීමෙන් පසුවයි.

රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ඇය සතුව තිබියදී සොයා ගැනීමට පොලීසිය සමත් වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: