hit counter

2025 අගෝස්‍තු මස 26 වන අඟහරුවාදා

2024 මාර්තු 17, පෙ.ව. 12:03



නිරන්ජනී ශම්මුගරාජා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය තරුවක්.ඇය රංගන ශිල්පිනියක් වගේම අති දක්ෂ නිවේදිකාවක්.ඒවගේම තමයි පසුගිය රාගම් සම්මාන උළෙලේදී ඇය දමිළ භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් හොඳම පූරකවරියට නිර්දේශ වුණා.

දමිළ නිවේදිකාවක් විදිහට අද වෙද් ඉතිහාසයේ පළමු වතාවට ඇයට සිංහල ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට අවස්ථාවක් උදාවෙලා තියෙනවා.මේ අවස්ථාව ඇය වෙනුවෙන් ලබා දුන්නේ ස්වර්ණවාහිනී ආයතනය.නොහිතපු වෙලාවක ඇයට ලැබුණු මේ අපූරු අවස්ථාව පිළිබඳව නිරංජනී පුවත්පතකට කියලා තිබ්බේ මේ වගේ සුන්දර කතාවක්.

“අපිට ජීවිතේ ජීවත් වීමම අභියෝගයක්. අපේ ජීවිත තව ලස්සන කරන්නෙම අපිට ලැබෙන අභියෝග තුළ. සංජිව කුරගම අයියා ජනවාරි 12 වෙනිදා කතා කරලා ඇහුවා ඔයා කැමැතිද නිව්ස් කියන්න කියලා. මම හිතුවේ දමිළ භාෂාවෙන් වෙන්න ඇති කියලා. මම එහෙම හිතුවේ ස්වර්ණවාහිනී නාළිකාවට දමිළ භාෂා චැනල් තියෙන නිසා. හැබැයි සංජිව අයියා සිංහල ප්‍රවෘත්ති කියලා කියද්දී මට කියවුණේ මම …. ?කියලා විතරයි. “ඔව් නංගි ඔයා තමයි“ කියද්දී මම කිසිම දෙයක් නොසිතා “හරි අයියේ“ කියලා ක්ෂණිකව භාර ගත්තා. අපිට ලැබෙන අභියෝගයකට අපි උත්සාහ නොකර අපිට පරාජය පිළිගන්න බැහැනේ. මම එහෙම හිතන කෙනෙක්. මම කිවුවා ඒ නිසා මම එන්නම් ඇවිත් බලන්නම් කියලා. එතකොට මට සංජිව අයියා කිවුවේ “ඔයා ගිය අවුරුද්දේ දමිළ සහ සිංහල කියන අංශ දෙකෙන්ම හොඳම නිවේදිකාවට නිර්දේශ වෙලා වාර්තා අතරට ආව කෙනෙක්. ඔයාට මේක කරන්න බැරි නැහැ“ කියන මට වඩා මගේ ගැන විශ්වාසය තිබ්බේ ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානි සංජිව කුමාරට. මට තිබ්බ සතුට තව කෙනෙක් මා කෙරෙහි තැබූ විශ්වාසය. ඒ විශ්වාසය මතයි මම ගියේ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: