hit counter

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

2024 මාර්තු 19, පෙ.ව. 12:06



මේ දවස්වල පවතින කාලගුණ තත්ව ගැන ගොඩක් දෙනෙක් විමසිලිමත්.

ඒ වගේමයි කාලගුණයේ සිදුවන වෙනස්කම් ගැන ගොඩක් දෙනෙක් විමසිලිමත්.

එහෙම විමසිල්ලෙන් ඉන්න ඔයා එළඹෙන 21, 22, 23 යන දවස් ගැනත් අවධානයෙන් ඉන්න එක ගොඩක් වටිනවා.

මොකද මේ තියන වියලි කාලගුණ තත්ව වෙනස් වෙන්න ඒ දවස් ඇතුළත හැකියාව පවතිනවා.

කොහොම වුණත් මේ දිනවලදී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂාකර හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව බස්නාහිර, දකුණ, ඌව, සබරගමුව පළාත් වලට සත්ත්ව කාලයේ දී වැසි ඇති විය හැකි බවයි, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක සඳහන් කළේ.

ඒ වුණත් මෙලෙස ඇතිවන වැසි, පවතින උණුසුම් තත්ත්වය මගහැරීමට ප්‍රමාණවත් නොවන බව ඔහු පවසනවා.

කොහොම වුණත්, පවතින මෙම උෂ්ණ අධික කාලගුණ තත්වයෙන් ආරක්ෂා වීමට ලා පැහැති ඇදුම් ඇදීම, ජලය පානය කිරීම සහ අධික වෙහෙස ගෙනෙන වැඩවල යොදා ගැනීමෙන් වැළකී සිටින ලෙස ද ජනතාවට දැනුම් දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: