hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 03, පෙ.ව. 12:06



ප්‍රසිද්ධ රංගන ශිල්පිණි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අසමත්ව ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බොරලැස්ගමුව පැපිලියාන පිහිටි ඔවුන්ගේ නිවසට ගියද ඒ වනවිට දමිතා අබේරත්න සහ ඇගේ සැමියා නිවසින් පලාගොස් සිටියේය.

පුද්ගලයෙකු කොරියාවට යවන බව පවසමින් රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කර ඇති බවට දමිතාට සහ ඇගේ සැමියාට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකර ඇත.

කෙසේ වෙතත් ඔවුන් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප අයදුම්පත අධිකරණ විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: