hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 19, පෙ.ව. 12:03



ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.

ශලනි තාරකා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය කතාබහට ලක්වුණු චරිතයක්.

කාලෙන් කාලෙට විවිධ හේතු නිසා ඇයට හැදුනු කතා බොහෝමයක් වුණත් ඒ හැම අමාරු කාලයක් ම පහු කරගෙන ඇවිත් අද ශලනි ලස්සන ජීවිතයක් ගතකරන චරිතයක් බවට පත්වෙලා.

ඒ ගැන කියන්න තියෙන හොඳම උදාහරණ තමයි ඇගේ විවාහ උත්සවය.

ඒ ආසන්න කාලෙකදිත් ඇයට විශාල මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා එල්ල වුණා.

ඒත් මේ හැම කතාවක්ම ඉදිරියේ ශලනි අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියක්.

හැමෝම ආදරය කරන ශලනිත් පහුගිය කාලේ ලංකාවේ හිටියේ කලා කටයුතු කිහිපයකට සම්බන්ධ වී තිබුණු නිසා.

පහුගිය දවසක පැවැත්වුණු රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රියෙන් අනතුරුව යූ ටියුබ් නාලිකාවකින් කළ විමසීමකදි ශලනි මේකට උත්තර දීලා තිබුණා.

අනාගත කලා කටයුතු කොහොම වෙයිද කියලා විමසපු අවස්ථාවෙදි ඒකට ශලනි දුන්නෙ මෙහෙම ප්‍රතිචාරයක්.

“කලා කටයුතු ගොඩක් සීමා වෙයි. මං මේ ලංකාවට ආවෙ භාරගත්ත වැඩකටයුතු ටිකක් ඉවර කරන්න. ඉදිරියේදී හරිම සීමිත ප්‍රමාණයක්, තෝරා – බේරාගත්ත හොඳම කියන දේවල් ටිකක් විතරක් කෙරෙයි කාලෙත් එක්ක.රඟපානවා කියන එක ලේසි නෑ, දුකක්. ඇත්තටම මාර කට්ටක්. එච්චර කට්ටක් කන්න ඕන නෑ මට දැන් සැප ජීවිතයක් තියෙනවා. ඉතිං ඒ සැප ජීවිතේ අත්හැරලා මං ආපහු දුක විඳින්න ආවෙ මගෙ වෘත්තියට මං තාමත් ගරු කරනවා, මං ඒකට අවංක නිසා. මම මගේ නිර්මාණ වෙනුවෙන් අවංකව වැඩ කරන කෙනෙක්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: