2024 අප්‍රේල් 24, ප.ව. 3:30
රුසියාවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයකු වන තිමූර් ඉවානෆ් ඊයේ අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබුණා. අද දින ඔහුව මොස්කව් හි අධිකරණයක් හමුවට පමුණවනු ලැබුණා.
රුසියානු මාධ්‍ය වාර්තා කරන්නේ ඉවානෆ් අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර පහක පමණ පරීක් ෂණවලින් අනතුරුව බවයි. ඔහුත් සමග එම දූෂණයන්ට සම්බන්ධ බව සැක කෙරෙන සර්ගේයි බරොදින් නමැත්තකු ද අධිකරණය හමුවට පමුණවා තිබුණා. ඔවුන් නඩු විභාගයට පෙර රැඳවුම් භාරයේ තැබීමට අධිකරණය නියෝග කළා.
රුසියානු ආරක්ෂක අමාත්‍යංශයෙහි ඉදි කිරීම් අංශය භාරව සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා වූ ඉවානෆ් පසුගිය සමයේ යුක්‍රේන හමුදාවන් වෙතින් අල්ලාගත් මරියූපල් නගරයේ යළි ගොඩනැගීමේ කටයුතු ද භාරව කටයුතු කළා. ඔහු නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරන්නේ 2016 සිටයි.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24