2024 අප්‍රේල් 27, ප.ව. 10:21
රුසියානු විපක්ෂ ක්‍රියාකාරික අලෙක්සේයි නවාල්නිගේ මරණය එරට ජනාධිපති ව්ලදිමීර් පුටින්ගේ නියෝගයක් මත සිදුවූවක් නොවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඇමරිකානු බුද්ධි සේවා විශ්වාස කරන බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පවසනවා.
එම පුවත්පත ප්‍රකාශ කළේ රුසියාවේ ජනාධිපතිවරණය ආසන්නයේදී එවන් මරණයක් සිදුවීම පුටින්ට අවාසි සහගත වීමේ ඉඩක් පැවතීම සහ තවත් කරුණු පදනම් කරගෙන එම තක්සේරුවට එළඹ ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග විසින් ප්‍රකාශ කළ බවයි.
රුසියාවේ රැඳවුම් කඳවුරකදී ඉකුත් පෙබරවාරි 16 වනදා නවාල්නි මරණයට පත්වුණා. ඔහු ඇවිදිමින් සිටියදී එක්වරම ඇදවැටීමෙන් පසු එම මරණය සිදුවූ බවයි සඳහන් වූයේ. මෙම මරණය පිළිබඳ බටහිර රටවල් සහ රුසියාවේ ඇතැම් විපක්ෂ ක්‍රියාකාරීන් පුටින් වෙත චෝදනා එල්ල කළා.
නවාල්නි මියගියේ ස්වාභාවික හේතුවකින් යයි තමා විශ්වාස කරන බව පෙබරවාරියේදී යුක්‍රේනයේ හමුදා බුද්ධි ප්‍රධානී කිරිල් බුදානෆ් ද පවසා තිබුණා.
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53