hit counter

2026 සැප්‍තැම්‍බර් මස 02 වන බදාදා

2024 මැයි 05, පෙ.ව. 12:04



අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට සීමා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී පාදස්ථානයට ඇතුළුවීමට ඇති කිසිඳු මාර්ගයකින් දේශීය සංචාරකයින්ට ඇතුළුවීම තහනම් කෙරෙනු ඇති.

ශ්‍රී පාද වන්දනා වාරය මේ මස 24 වනදායින් අවසන් වීමට නියමිතයි.

ඒ අනුව ඉදිරි කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේදී පැවැත්වුණි.

එහිදී තීරණය කර ඇත්තේ අවාරයේ සිරිපා කරුණාව දේශීය සංචාරකයින් සඳහා තහනම් කිරීමටයි.

ඒ අනුව අවාරයේ ශ්‍රී පාදස්ථානය වෙත පැමිණීමට අවසර ලැබෙන්නේ විදේශිකයන්ට පමණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: