hit counter

2026 සැප්‍තැම්‍බර් මස 05 වන සෙනසුරාදා

2024 මැයි 07, පෙ.ව. 12:05



රජය විසින් ලබාදෙන වාහන සම්බන්දයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ, අනුව විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරීන්, පළාත් රාජ්‍ය නිලධාරින් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට නියමිතයි.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ඊට අදාලව නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ, අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව එය අවුරුදු 60 දක්වා අඩු කිරීමත් සමග එම කාලය තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා මෙම තීරුබදු සහනය ලබාදීමට නියමිත බවයි.

එමෙන්ම මාර්තු 11 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙනවා

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු හා ඇමතිවරු බොහෝ පිරිසක් ද තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබාදෙන ලෙසට කතානායකවරයාගෙන් පසුගිය දා ඉල්ලීමක් කර තිබුනා.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: