2024 මැයි 08, පෙ.ව. 8:55
ඇමරිකාව තුළ ටික්ටොක් හි කටයුතු අවසන් කිරීම සඳහා ක්‍රියා කිරීමට එරෙහිව එය අයත් බයිට් ඩාන්ස් සමාගම නඩු මාර්ගයට අවතීර්ණව සිටිනවා.
එම සමාගම පවසන්නේ ටික්ටොක් භාවිතයෙන් ඇමරිකානුවන් රැසක් සිය අදහස් ප්‍රකාශ කිරීම සිදුකරන බැවින් එය තහනම් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය යටතේ ඔවුන් වෙත ලැබෙන අයිතීන් උල්ලංඝනයක් බවයි.
තවද එම සමාගමේ කටයුතු අවසන් කිරීමට හෝ එය විකිණීමට හෝ ලැබී ඇති දින 270 ක කාලය ප්‍රමාණවත් නොවන බව ද ඔවුන් පවසනවා.
ටික්ටොක් හි කටයුතු අවසන් කිරීමට මග සැලසෙන පනතක් මෑතකදී ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය විසින් සම්මත කරනු ලැබුණා. එයට පක්ෂ පිරිස් අදහස් දක්වන්නේ බයිට් ඩාන්ස් සමාගමට චීන රජය සමග සබඳතා ඇති හෙයින් ටික්ටොක් හි දත්ත චීනය විසින් ලබාගන්නා බවයි. එය ඇමරිකානුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් යැයි චෝදනා මතුව තිබෙනවා.
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53