2024 මැයි 13, පෙ.ව. 12:04
පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ මේ දිනවල චර්ම රෝගවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පවසනවා.
ඒ මහත්මිය කියා සිටියේ දිලීර ආසාදන ද සුලබ වශයෙන් ඇතිවිය හැකි බවයි.
ඒ අනුව චර්ම රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවට විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය අවධාරණය කළා.
ඇඳුම්වලින් ආවරණය නොවූ ස්ථාන මත දැඩි හිරු රැස් පතිතවීම හේතුවෙන් සමේ කැසීමක් සහිත ලප ඇතිවිය හැකි බවත්, විශේෂයෙන් කුඩා දරුවන්ගේ මුහුණේ කම්මුල්ලවල උඩ ප්‍රදේශයේ හා ඇස් වටේ පහළින් සුදු පාට ලප ඇතිවිය හැකි බවයි ඇය පෙන්වා දුන්නේ.
දිලීර ආසාදන ද සුලබ වශයෙන් ඇතිවිය හැකි බව පෙන්වා දුන් ඉන්දිරා කහවිට මහත්මිය අවධාරණය කළේ දිලීර ආසාදන හේතුවෙන් විවිධ ගැටළු ඇතිවිය හැකි බවයි.
ඒ අනුව කිසිඳු අයුරකින් අත් බෙහෙත් හෝ වෙන දේවල් සිදුකිරීමට උත්සහ නොකරන ලෙස වෛද්‍යවරිය උපදෙස් ලබාදුන්නා.
වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ලබාගන්නා ලෙස පැවසු වෛද්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ පවතින රෝග තත්ත්වයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.
2025 අගෝස්තු 05, පෙ.ව. 12:29
2025 අගෝස්තු 05, පෙ.ව. 12:15
2025 අගෝස්තු 05, පෙ.ව. 12:13
2025 අගෝස්තු 05, පෙ.ව. 12:12
2025 අගෝස්තු 05, පෙ.ව. 12:11
04-08-25
04-08-25
03-08-25
03-08-25
02-08-25
02-08-25
02-08-25
02-08-25
01-08-25
01-08-25
31-07-25
31-07-25
30-07-25
30-07-25
29-07-25
29-07-25
28-07-25
28-07-25
27-07-25
27-07-25
26-07-25
26-07-25
25-07-25
25-07-25