hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 15, ප.ව. 8:32



ස්ලොවේකියාවේ අගමැති රොබර්ට් ෆිකෝට අද සවස කිසියම් අයකු විසින් වෙඩිතබා තිබෙනවා. හන්ද්ලෝවා නම් නගරයකදී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ඔහුට බරපතල තුවාල සිදුව ඇතැයි වාර්තා වුණා.

ෆිකෝගේ පපුවට සහ උදර ප්‍රදේශයට වෙඩි තුනක් වැදී ඇති බවයි වාර්තා වන්නේ. ඔහුව මධ්‍යම ස්ලොවේකියාවේ බන්ස්කා බිස්ට්‍රිකා නගරය වෙත ගුවනින් ගෙනෙන ලද බව ස්ලොවැක් මාධ්‍ය පවසනවා. වෙඩිතැබීම කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ස්ලොවැක් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු 71 හැවිරිදි අයකු බවයි.

2023 සැප්තැම්බර් 30 වනදා පවත්වන ලද මහමැතිවරණයෙන් අනතුරුව ෆිකෝ ආණ්ඩුවක් පිහිටවූවා. ඔහු රුසියානු පාර්ශවයට හිතවාදී අයකු ලෙස සැලකෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: