hit counter

2025 අගෝස්‍තු මස 26 වන අඟහරුවාදා

2024 මැයි 17, පෙ.ව. 9:39



පසුගියදා හර්කිව් (හර්කෆ්) ප්‍රදේශයෙන් එල්ල වූ රුසියානු ප්‍රහාරයට සමස්ථ ලෝකයම වගකිව යුතු යයි යුක්‍රෙන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.

ඊයේ හර්කිව් නගරයේදී ABC මාධ්‍ය ආයතනය සමග කළ සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින්ට මෙසේ ප්‍රදේශ අත්පත් කරගැනීමට සමස්ථ ලෝකයම ඉඩ දුන් බවයි.

කෙසේ වෙතත් දැන් එම වරද නිවැරදි කරගෙන යුක්‍රේනයට උපකාර කිරීමේ අවස්ථාවක් ලෝකයාට ලැබී ඇතැයි සෙලෙන්ස්කි පවසනවා. හර්කිව් නගරය බේරාගැනීමට පේට්‍රියට් මිසයිල පද්ධති දෙකක් අවශ්‍ය බව සෙලෙන්ස්කි කියා සිටියා.

ඊයේ හර්කිව් වෙත පැමිණි සෙලෙන්ස්කි එහිදී යුක්‍රේන හමුදා නිලධාරීන් මුණගැසී පසුව තුවාලකරුවන් බැලීමට එම නගරයේ රෝහලක් වෙත ද සංචාරය කළා.

මැයි 10 වනදා හර්කිව් (හර්කෆ්) පළාතේ රුසියන් දේශසීමාව ඔස්සේ කඩාවැදුණ රුසියානුවන් මේ වනවිට වොව්චාන්ස්ක් (වල්චාන්ස්ක්) හා ලිප්ත්ස නගර උදෙසා සටන් වදිමින් සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: