2024 මැයි 28, පෙ.ව. 12:04
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල එක්ව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (උසස් පෙළ) විෂයක් ලෙස හදාරන සිසුන් සඳහා පිරිනැමෙන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් භාර ගැනීම ජුනි 7 දක්වා දීර්ඝ කර ඇත.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිත බැවින් සුදුසුකම් සපුරා ඇති සිසුන් තම අයදුම්පත්‍රය ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම්, පන්ති භාර ගුරුවරයා, පාසල් විදුහල්පතිවරයා යන අයගේ අත්සනින් සහ කලාප අධ්‍යක්ෂකගේ නිර්දේශය සහිතව ජූනි 7 වනදාට පෙර සම්පූර්ණ කර ලේකම්, ජනාධිපති අරමුදල, අංක 35, තුන්වන මහල, ලේක්හවුස් ගොඩනැගිල්ල, ඩී.ආර්.විජේවර්ධන මාවත, කොළඹ 10 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් පමණක් එවිය යුතුය.
ලිපියේ ඉහළ වම් කෙළවරේ අදාළ ශිෂ්‍යත්ව වැඩසටහනේ නම සහ පාසල අයත් අධ්‍යාපන කලාපයේ නම සඳහන් කළ යුතු බව දන්වා ඇත.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් භාරගැනීම මැයි මස 22 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ නමුත් පසුගිය දින කිහිපයේ විවිධ පරිපාලන ගැටලු සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සහ අවස්ථාව මඟහැරුනු සිසුන් විශාල පිරිසකගේ ඉල්ලීම මත එම කාලය දීර්ඝ කළ බව පැවසේ.
2026 ජනවාරි 28, පෙ.ව. 12:01
2026 ජනවාරි 28, පෙ.ව. 12:00
2026 ජනවාරි 27, ප.ව. 6:10
2026 ජනවාරි 27, ප.ව. 5:30
2026 ජනවාරි 27, ප.ව. 4:02
28-01-26
28-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26