hit counter

2026 සැප්‍තැම්‍බර් මස 04 වන සිකුරාදා

2024 මැයි 30, පෙ.ව. 10:03



ගුරු සංගම් කිහිපයක් අද (30) දිනයේදී ලෙඩ නිවාඩු වාර්තා කර වර්ජනයක නිරතවන වන බව ඊයේ (29) දැනුම් දී තිබුණා.

නමුත් තවත් ගුරු සංගම් කිහිපයක් පැවසුවේ ඔවුන් මෙම වර්ජනයට සහභාගී නොවන බවයි.

කෙසේවෙතත් ඊයේ පස්වරුවේම අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අද (30) සහ හෙට (31) සුපුරුදු පරිදි පාසල් පැවැත්වෙන බවයි.

ගුරු සංගම් කිහිපයක් වර්ජනයක නිරත වුණත් අද පෙරවරුවේ කොළඹ පාසල් වලට සුපුරුදු ලෙස ළමුන් පැමිණෙන ආකාරයක් දක්නට ලැබුණා.

එලෙසම ඇතැම් ගුරුවරුන්ද පාසල වෙත පැමිණෙන ආකාරයත් දක්නට ලැබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: