hit counter

2026 ජූනි මස 10 වන බදාදා

2024 ජූනි 02, ප.ව. 12:17



හෙට (03) පාසැල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පැවරෙන බවයි, අධ්‍යාපන රාජ්‍ය ඇමැති අරවින්ද කුමාර් මහතා පවසා සිටිනවා.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන්කර සිටියේ, පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත මෙම තීරණය ගත් බවයි.

අධික වර්ෂා තත්වයත් සමඟ දිස්ත්‍රික්ක 9ක නායයෑමේ අවදානම් කලාප තවදුරටත් වැඩිවී ඇත.

මෙම අවදානම හෙට උදෑසන 7:00 දක්වා බලාත්මක බවයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.

මේ අතර කොළඹ, කළුතර, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13කට තුන්වන අදියර හෙවත් ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබීමද විශේෂත්වයක්. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: