hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2024 ජූනි 07, පෙ.ව. 12:02



ජාතික පාසල්වල විද්‍යාව, තාක්ෂණවේදය, ගණිතය යනාදි අංශයන්හි පවතින ගුරු පුරප්පාඩු 10,535කට අදාළව පත්වීම් ලිපි ඉදිරි සති දෙක තුළ ලබාදෙන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.

ඒ අනුව ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව අවසන් කරන බව ද ඇමැතිවරයා අධ්‍යාපනය පිළිබඳ පැවැති විවාදයට එක් වෙමින් සඳහන් කරනු ලැබුවා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, සත්‍ය වශයෙන්ම මෙරට පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව වනුයේ 8000ක් බවත් පළාත් මට්ටමින් ගුරුවරුන් 6000ක් බඳවා ගැනීමට මේ වන විට පියවර ගනිමින් සිටින බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: