hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 ජූලි 03, පෙ.ව. 12:04



ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලිව පෙරේදා (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණ සිටියා.

ඒ ඇය සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇතැයි කියමින් ලද පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කර සිටියේ තමා වැරැද්දක් සිදුකර නොමැති බැවින් බිය විය යුතු නැති බවයි.

ඒ අනුව ඇය විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව වූ වීඩියෝවකට වැටුණු එක්තරා කමෙන්ට් එකකට පියුමිගේ හිත ටිකක් රිදිලා වගේ.

කමෙන්ට් එකේ තිබුණෙ,

”කොහොමත් ඇතුළෙ..” යන්නෙන්.

ඊට,

”එහෙම හිතන්නවත් එපා ඔයාට පව් පිරෙනවා. මට පුතෙක් ඉන්නෙ. ඒ දරුවා පව්. ඇරත් මම වැරදි කරලා නෑ දෙවියනේ…” මැයෙන් ප්‍රතිචාර දක්වලා තිබුණු පියුමි හංසමාලි, තවත් කෙටි සටහනක් එක්කම ඉන්ස්ටා ස්ටෝරියකුත් මේ විදියට දාලා තිබුණා…..

”…මගේ පුතා තනි වෙනවා. මගේ බලු ළමයින්ට අම්මා නැති වෙනවා මට මොනා හරි වුණොත්.

මම හිරේ යන්න තරම් කිසිම වරදක් කරලා නෑ.

උඩ ඉන්න දෙවියොම මාව ආරක්ෂා කරන්න දෙයියනේ.

එහෙම කමෙන්ට් දාන්න එපා මට හරිම දුකයි ඒවා දැක්කම.

මම කාටවත් වරදක් කරලා නැති ගැහැනියක්.

හැමෝටම උදව් විතරයි කරලා තියෙන්නෙ මට පුළුවන් විදියට.

වැරදි කරලා නෑ කාටවත්…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: